First EB for SLTS - 2026
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ සම්බන්ධ ගැසට් නිවේදනය 2026 ජූනි 19 දින නිකුත් කර ඇති අතර ගුරුවරුන්ගේ උසස්වීම් සඳහා අවශ්‍ය කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනක පළමු අදියර ලෙස මෙම විභාගය පැවැත්වෙයි.
ගුරු සේවයේ උසස්වීම් සඳහා ගුරුවරුන් විසින් කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනකට මුහුණ දිය යුතු අතර ඒ සඳහා මොඩියුල 10ක් අධ්‍යයනය කළ යුතුයි.
පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය ගුරු සේවයේ 3 පන්තිය II ශ්‍රේණිය, 3 පන්තිය I ශ්‍රේණිය සහ 2 පන්තිය II ශ්‍රේණිය සඳහා ඍජුව බඳවා ගත් ගුරුවරුන්ට අදාළ වන අතර ඔවුන් මොඩියුල 4ක් අධ්‍යයනය කළ යුතුව තිබෙනවා.
දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2 පන්තිය II ශ්‍රේණියේ පළමු පියවර සහ තුන්වන පියවරෙහි පිහිටුවා ඇති ගුරුවරුන් සඳහා අදාළ වන අතර, ඔවුන් මොඩියුල 3ක් අධ්‍යයනය කළ යුතුයි.
තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2 පන්තිය I ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා පැවැත්වෙන අතර එහිදී ද මොඩියුල 3ක් අධ්‍යයනය කිරීම අනිවාර්ය වනවා.
දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අදාළ ගැසට් නිවේදන ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.
පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් 2026 ජූනි 22 සිට ජූලි 17 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරගන්නා අතර අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැකියි.
උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ e-thaksalawa නිල වෙබ් අඩවියේ පළ කරනු ලබනවා.

0 கருத்துகள்